යන්න සල්ලි සොයන්න වැලිගොඩ දැමූ වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ත්‍රෝ බෝල් ශූරයන්ගේ මැලේසියා සංචාරය සැබෑ වෙයි
gossip
,
Harin Fernando
,
manusha nanayakkara
,
News
,
Sports
,
Wellawaya
මෙවර සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ ක්‍රීඩකයින්ට මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහල ත්‍රෝ බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව උදා වුණා.
නමුත් ඉතා දුෂ්කර දිවි පෙවතක් ගෙවන මෙම දරු දැරියන්ට ඒ සංචාරය සදහා වැය වන ලක්ෂ 21 ක මුදල සොයා ගැනීම සිහිනයක් වූවා. විවිධ අංශ මගින් සුළු වශයෙන් උදව් උපකාර ලැබුණත් එය ප්‍රමාණවත් නොවීම නිසා සමහර ක්‍රීඩකයින් වැලි ගොඩ දැමීමට පවා යොමු වූයේ කෙසේ හෝ මෙම මැලේසියා සංචාරය ගොස් ශ්‍රී ලංකාවට ශුරතාව ලබා ගැනීම උදෙසාය.
මෙම පුවත දුටු සැනින් ක්‍රීඩා විෂය භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම විද්‍යාලයේ විදුහල්පති හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශය වෙත ආරාධනා කළා. ඒ අනුව අද (20) දින අමාත්‍යතුමාගේ කාර්යාලයේදී වැල්ලවාය කුමාරදාස විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යතුමා මුණ ගැසුණා. එහිදී අමාත්‍යතුමා ඔවුන් සුහදව පිළිගෙන දක්ෂතාවන් අගය කරමින් මෙම මැලේසියානු සංචාරය සදහා අවශ්‍ය ඉතිරි මුදල ලබා දීමට නිළධාරීන්ට උපදෙස් දුන් අතර ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු ඉදිරියේදීත් වඩාත් සාර්ථක කර ගැනීමට සුභ පැතුම් එක් කළා.





