Featured News

Video Gossip

Advertisement

රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටි සිසුවියක් ඊයේ (19දා) අලුයම එහි නාන කාමරයක් තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. ප්‍රසූත කරන ලද බිලිඳා මියගොස් ඇති අතර සිසුවිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

ආහාර නිෂ්පාදන තාක්ෂණ වෛද්‍ය පාඨමාලාව හදාරන මැය පළමු වසරේ සිසුවියකි. මිහින්තලේ පදිංචි ඇය 20 හැවිරිදි වියේ පසුවන්නියකි.

මෙම වසරේ ජුනි මැද භාගයේදි විශ්වවිද්‍යාලයට පැමිණ තිබූ මෙම සිසුවිය එහි නේවාසිකාගාරයේ තවත් සිසුවියන් තිදෙනකු සමඟ නවාතැන් ගෙන සිටි බව පැවසේ. ගම් ප්‍රදේශයට ගොස් සිටි ඇය පසුගියදා (18දා) සවස මිහින්තලේ නිවෙසේ සිට පැමිණ අනෙකුත් සිසුවියන් සමඟ කිසිම වෙනසක් නොපෙන්වා කල් ගත කර ඇති අතර ඔවුනොවුන් නිවෙස්වලින් රැගෙන ආ ආහාර සවස එකිනෙකා බෙදා හදාගෙන

අනුභව කර ඇති නමුත් රාත්‍රි කෑම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි.

රාත්‍රි එකොළහට පමණ සිසුවිය බඩේ අමාරුවක් බව පවසා වේදනාවෙන් සිටින විට අනෙකුත් සිසුවියන් ඇයට වේදනා නාශක පෙති දී නොයෙකුත් ප්‍රතිකාර පවා ලබාදී තිබූ බව පොලිසිය කියයි. රාත්‍රි උදර වේදනාව වැඩි වූයෙන් අනෙකුත් සිසුවියන් ඒ බව එහි පාලනාධිකාරියට දැනුම් දීමට සූදානම් වෙද්දි සිසුවිය වැසිකිළිය තුළට ගොස් ‍දොර වසාගෙන පැයකට අධික කාලයක් ගත කර ඇත.

පසුව ඇය චීත්ත රෙද්දක් සිසුවියන්ගෙන් ඉල්ලාගෙන මඳ වේලාවක් ගතවෙදි චිත්ත රෙද්දේ යමක් ඔතාගෙන එයින් පිටතට පැමිණ ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසිය. චීත්ත රෙද්ද අතරින් බිලිඳු දරුවකුගේ පාද දෙක හා හිස දැකීමෙන් කලබලයට පත් අනෙකුත් සිසුවියන් ඒ බව වහා පාලනාධිකාරියට දැනුම් දිමට නැවතත් පියවර ගෙන ඇත. පසුව ඇය මේක කාටවත් කියන්න එපා මම හෙට උදේම ගමේ යනවා යැයි පවසා තිබේ.

මඳ වේලාවකදී එම ස්ථානයට පැමිණි පාලනාධිකාරියේ සාමාජිකාවක් වහා ක්‍රියාත්මක වී නේවාසිකව සිටින කථිකාචාර්යවරයකුද එම ස්ථානයට ගෙන්වා සිසුවිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි. සිසුවිය අත රැඳි චිත්ත රෙද්දේ ඔතා සිටි බිලිඳා ඒ වන විටත් මියගොස් සිට ඇත.

රෝහල් ගතව සිටි සිසුවිය මිහින්තලේ පදිංචි පුද්ගලයකු සමග පැවැත්වූ සමීප සබඳතාවක් හේතුවෙන් ගැබ් ගන්නට ඇති බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇති අතර ඇය ගැබ්ගෙන සිටි බව අන් අයට නොතේරීම ගැටලු සහගත විය.

-එම්.සී.පෙරේරා-

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements