Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයකුට පමණක් බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය දෙන්නේ කාටදැයි තවම තීරණක් ගෙන නැති බවද ඔහු පවසයි. අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේ කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට සහාය දෙන්නේද නැත්තේද යන්න පිළිබදව තීරණය කරන බවයි.

 “එක්සත් ජාතික පක්ෂය හිතනවා තමන්ට තනියම ගිහින් ඉල්ලන්න පුළුන් කියලා. නමුත් ඒක හීනයක් විතරයි. නමුත් සන්ධානයක් එක්ක එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගියොත් ඔවුනට ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍ර‍හණය කරන්න පුළුවන්. අද තනියම යමු කියන එක්සත් ජාතික පක්ෂයේ සමහර අයට එදා ජයග්‍ර‍හණය කළේ කොහොමද කියලා මතක නැහැ. ආයේ ඒක තේරෙන්නේ තනියම ගිහිල්ලා ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජය වුණොත් විතරයි. නමුත් ජනාධිපතිවරණයට එන්නේ කවුද කියන එක එක්සත් ජාතික පක්ෂය තීරණය කළ යුතුයි..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

 එතුමා මේ බව කියා සිටියේ මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි - සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද්‍රයේ දෙවැනි වැඩසටහනට අද (11) එක් වෙමිනි. එය යක්කල ඇසළ හෝටල් ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විණ. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ එම වැඩසටහනට එක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා දැක්වූ ඇතුළත් හඩපටය මේ සමග අමුණා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements