පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක සහ ඩිලාන් පෙරේරා, පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
පසුගිය 26 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් සිටි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා එම තනතුරින් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කිරීමට තීරණය කර තිබිණි.
ඊට ඉහත අවස්ථා කිහිපයකදී එස්.බී. දිසානායක මහතා එම තනතුරේ රැදී සිටිමින් පොහොට්ටු පක්ෂයේ විවිධ රැස්වීම් සඳහා ද සහභාගීව තිබිණි.
කෙසේ වෙතත් අද(29) පෙරවරුවේ එස්.බී. දිසානායක මහතා සහ ඩිලාන් පෙරේරා මහතා පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

