Featured News

Video Gossip

Advertisement

පසුගිය බදාදා අගමැති රනිල් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගියේ ‘ආශිර්වාද ලබාගැනීම’ පිණිස ය. ඉන් අනතුරුව සුපුරුදු පරිදි මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ විහාරස්ථාන වෙත ද ගියේ ය. විශේෂයෙන් ම එහිදී අගමැතිවරයා ලබන මාසයේ පැවැත්වෙන ‘මහනුවර ඇසළ මංගල්‍යයට’ විශේෂ ආරක්ෂාවක් සලස්වන බවට ‘පොරොන්දු වූයේ’ පාස්කු අත්වැරදීම වැනි දෙයක් සිදුවන්නට ඉඩ නොතබන බවට ද සහතික වෙමිනි.

මෙම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ද ‘ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර’ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් දැනුවත් කරනු පෙනිණි. කෙසේවෙතත්, මෙහිදී මහනායක හිමිවරු තවත් වැදගත් කාරණයක් වෙත අගමැතිවරයාගේ අවධානය යොමු කළහ. ඒ ප්‍රමාණවත් තරමින් ‘අලි ඇතුන් නොමැති වීමේ ප්‍රශ්නය’ යි.

‘‘අපි කොහොම හරි ඒ ප්‍රශ්නෙත් විසඳගමු…’’ අගමැතිවරයා කීවේ ය.
මහනුවර සිට කෙළින් ම සිරිකොතට ආ රනිල් සිරිකොතේ සිදුවෙමින් තිබුණු ‘කේක් කැපිල්ලකට’ ද මැදි විය. ‘කේක් කැපුණේ’ එදිනට යෙදී තිබුණු පී. හැරිසන් ඇමතිවරයාගේ සහ චන්ද්‍රාණි බණ්ඩාර ඇමතිවරියගේ උපන්දිනය වෙනුවෙනි. කේක් ගෙඩිය අල්ලාගෙන සිටියේ, දයා ගමගේ ය. හැරිසන් පිහියේ ‘වැරදි පැත්තෙන්’ කේක් කපන්නට ගොස් එක පාරක් කේක් එක ‘සවුත්තු’ කළේ ය. අනෙක් පාර ‘හරි විදියට’ කපා ‘නායකතුමාට කවන්නට’ ගොස් තමන් ‘සවුත්තු වුණේ’ ය. එසේ වූයේ නායකතුමා කේක් කෑල්ල නොකා ‘පැත්තකට පැනීම’ නිසා ය.

‘‘ආපෝ මට කේක් කන්න හොඳ නෑ… දොස්තරමහත්තුරු තරයේ අවවාද කරල තියෙන්නෙ…’’ යි රනිල් කියන විට සියල්ලන්ට ම සිනා නොවී සිටිය නොහැකි විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements