Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට රටේ නීතිය අනූව මෙතෙක් ඉඩක් නොමැති බවත් ඒ ඔහු තවමත් ඇමරිකානු පුරවැසියකු නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ ඊයේ (17) මතුගම ප්‍රදේශයේ පැවති මහේන්ද්‍රා වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ‌පොහොට්ටුව නීත්‍යාණුකූල ‌නොවන ‌කෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ‌ලෙස ඉදිරිපත් කරමින් ජනතාව රවටා තිබෙන බවත් එය අයියා මල්ලී දැනුවත්ව කළ ‌දෙයක් දැයි ‌නොදන්නා බවත්ය.

එසේම උපන් රට අත්හැර ඇමරිකානු පුරවැසි භාවය ලබාගත් අයෙකු රට ගොඩනැගීමට අනවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සූදානම් නියම නායකයන් තම කඳවුර තුළත් සිටින බව ඔහු පැවසීය.

එහිදී වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ , චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන වැන්නවුන් කිසිවිටෙකත් රට අත්හැර දමා විදෙස් රටක පුරවැසි භාවය ලබා නොමැති බවය.

newstube

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements