Advertisement

එක්සත් ජාතික පක්ෂ විසින් හෙට දිවියේ කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහි කිරීමේ උත්සවය අවලංගු කර තිබේ.
සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන් කිසිවකුට එහි නො පැමිණෙන ලෙස දන්වා තිබිණි.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂපාතී ඇතැම් මන්ත්‍රීවරුන්ටද ආරාධනාවක් නොලැබුණු බව ඔවුහු සඳහන් කළහ.

කෙසේ වෙතත් එය නොතකා හෙට දිනයේ පාක්ෂිකයින් එම ස්ථානය වටා ඒකරාශී කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය කටයුතු කරමින් තිබිණි.
මෙම තත්වය මත එම උත්සවය කල් දැමීමට සංවිධායකයන් විසින් තීරණය කර ඇත.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් රටපුරා බොහෝ ස්ථානයන්හි පෝස්ටර් ඇලවීම පාර්ශවයද කටයුතු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements