Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ අනුව පසුගියදා ඔහු ජනාධිපතිවරයා අමතා දෙදෙනා අතර හමුවකට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙම දුරකතන ඇමතුම ලබාදීමට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටියදීත් ජනාධිපතිවරයා සහ ගෝඨාභය අතර පෞද්ගලික දුරකතන සංවාදයක් පවත්වා බොහෝ කරුණු සාකච්ඡා කර තිබිණි.

කෙසේ හෝ අද හෙටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැත්වීමට නියමිත හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ අපේක්ෂකත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කර ඔහුගේ සහයෝගය ලබාගත හැකි දේශපාලන සැලසුමක් යෝජනා කෙරෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීමට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එයටද ජනාධිපතිවරයා අනුමැතිය දක්වා ඇතැයි කියැවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements