Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් වෙනම අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු මගින් දන්වා ඇති බව වාර්තා වේ.

එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ වෙනම මැතිවරණයකට ඉදිරිපත්වීමට පක්ෂයක් ලෙස තෝරාගෙන ඇති අරුණ ද සොයිසාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයෙන් අවස්ථාව ඇති බවයි.

මේ වන විට රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය තිදෙනා අතර අපේක්ෂකත්වය පිළිබඳ තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති නිසා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය තෝරා ගැනීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත්‍රී කණ්ඩායමේ සාමුහික ඡන්දයකින් තෝරා පත් ගැනීමට නියමිතය. එය ලබන සැප්තැම්බර් දෙවන සතියට පෙර සිදු කිරීමට සැලසුම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් 96ක් සිටිය යුතු වුවත් දැනට එහි 65කට ආසන්න පිරිසක් සිටින බව වාර්තා වේ. මන්ත්‍රී කණ්ඩායමේ 75ක් සිටින අතර ඉන් පිරිසක්ද කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරති. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේ නියෝජනය 120කට ආසන්න පිරිසක් වන අතර එම පිරිසෙන් ජනාධිපති අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ පත් කළ යුතු බවට පක්ෂව 45කට ආසන්න පිරිසක් සිටින අතර ඉන් 38ක් ඔහු වෙනුවෙන් සෘජුවම පෙනී සිටින අතර ඉතිරි හත් දෙනා අතර මැද තත්ත්වයේ සිටින අය වේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසට එම දෙපාර්ශ්වයේම නියෝජිතයන්ගෙන් 27 දෙනකුගේ සහාය හිමිව ඇති අතර ඉන් 22ක් එළිපිටම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටිති. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනීසිටින පිරිස අතර මැදිව සිටින අට දෙනා සමග සජිත්ට නියෝජිතයින් තිහකගේ සහයෝගය ලැබෙන බවට විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත් කරු ජයසූරියට පක්ෂ පිරිස හෝ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් හෙළිවී නොමැති අතර තවත් නියෝජිතයන් විස්සකට ආසන්න පිරිසක් කිසිදු පාර්ශ්වයකට නොමැතිව ස්වාධීනව සිටිති. වැඩිම වාසි තිබෙන අපේක්ෂකයාට සහාය ලබාදීමට ඔවුන් සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා කථානායක කරු ජයසූරිය පත් කිරීමට රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී ඇති අතර පක්ෂ නායකයා සහාය පළ කරන අපේක්ෂකයාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධව පවත්වන රැස්වීමේ වැඩි වාසි ඇති වේ.

aruna.lk

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements