Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මාලඹේ – කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු (Borehole Testing) සිදු කෙරෙමින් පවතී.

මේ අනුව ස්ථාන 200 ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5 ක් විසින් සිදු කරනු ලබයි.

ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවන් නොවන අයුරින් සිදු කරන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කි. මී. 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකරනු ඇති අතර, ඒ මත මෙම නවීන සුඛෝපභෝගී සැහැල්ලූ දුම්රිය සේවාව ආරම්භ කරනු ඇත.

දුම්රිය මාර්ගය දැනට පවතින මහාමාර්ගවල මධ්‍යයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කුළුණු මත ඉදිකෙරේ.

ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම් පොලවල් 16ක් ඉදිකෙරෙන අතර, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගනයක් ද ඉදිකෙරේ.

ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී සැහැල්ලූ විදුලි දුම්රිය මෙහි ධාවනය සඳහා යොදාගනු ලබයි.

ආරක්ෂාකාරී සහ සුවපහසු ප‍්‍රවාහන සේවාවක් මෙමගින් සැපයේ.

මෙම සැහැල්ලූ දුම්රිය පද්ධතිය 2025 වර්ෂය වන විට මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වනු ඇත.

කණු මත ඉදිවන දුම්රිය මාර්ගය මීටර් 8.4ක පළලින් සමන්විත ය.

ධාවනය සඳහා දුම්රිය කට්ටල 25ක් යොදා ගැනීමට නියමිත අතර, ඒවා දුම්රිය මැදිරි 4 කින් සමන්විත වරකට මඟීන් 800ක් පමණ රැගෙන යාමේ ධාරිතාවකින් යුක්ත ය.

සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය නිම වූ පසුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාලඹේ IT Park දුම්රිය ස්ථානයට ගමන් කිරීමට ගතවන කාලය මිනිත්තු 32කි.

කාර්ය බහුල වේලාවන් තුළ සෑම මිනිත්තු 3 කට වරක්ම දුම්රියක් දුම්රිය ස්ථානවලට ළඟාවනු ඇත.

කාර්ය බහුල නොවන වේලාවන්වල සීමා සහිත නැවතුම් දුම්රියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, එය මිනිත්තු 28 ක් තුළදී කොළඹ කොටුව සිට IT Park දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය කාන්තාවන්, දරුවන් සහ අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන සේවාවක් ලෙස ඒ සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුගත වෙමින් නිර්මාණය කරනු ඇත.

ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 පමණ වන අතර, එම මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක ප‍්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් සහනදායි ණයක් ලෙස ලබා දෙනු ලබයි.

මෙම ණය මුදල සිවිල් වැඩ සහ උපකරණ සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.1%ක් ද, උපදේශන සේවා සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.01%ක් ද සහිතව ලබා දෙනු ලැබේ.

මෙම ණය මුදල පියවීමට අවුරුදු 40ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, අවුරුදු 12ක සහන කාලයක් ඒ සඳහා ඇතුලත්ව ඇත.

මෙමගින් ජනතාව පෞද්ගලික වාහන භාවිතය වෙනුවට මෙම පොදු ප‍්‍රවාහන ක‍්‍රමය සමඟ සම්බන්ධ වීමත්, නාගරික රථවාහන තදබදය අඩුවීමත් හේතුවෙන් ඉන්ධන දහනය අඩු වී කාබන් විමෝචනය අඩුවනු ඇත.

ඇස්තමේන්තුවලට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් කාබන් විමෝචනය වසරකට ටොන් 53,929කින් අඩුවනු ඇත.

ඒ අනුව කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතරම එම ව්‍යාපෘතිය හේතුවෙන් රථවාහන අනතුරු ද අඩු වනු ඇත.


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook