Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කර (උදර්පනය කර) ශී‍්‍ර ලංකාවට 

ගෙන්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා සිංගප්පූරු රාජ්‍යය වෙත යැවීමට අවශ්‍ය පිටු 21,000 කට අධික ලේඛන සහිත උදර්පන ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය වෙත නීතිපතිවරයා විසින් ඊයේ (02 දා) පස්වරුවේ භාරදී ඇත.

එකී උදර්පන ඉල්ලීම් ගොනුවකට ඇතුළත් පිටු 21,000 කට සෑම ලේඛනයක්ම එකින් එක ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය විසින් සහතික කිරීමෙන් පසු වෙන් වෙන්ව ඉල්ලීම් ගොනු එලෙස එකී අමාත්‍යාංශය වෙත භාරදීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ට කීවාය.

උදර්පන නීතිය අනුව යම් රටක රැුඳී සිටින හෝ පදිංචිව සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු ගෙන්වා ගැනීමට පෙර කොන්දේසි කිහිපයක් සපුරාලීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එකී කොන්දේසි සපුරාලීමෙන් පසුව එම ඉල්ලීම එම රටින් කළ යුත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය මගින් බවත් රජයේ අධිනීතිඥවරිය ප‍්‍රකාශ කළාය.

නීතිපතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පසුගිය ජුනි 28 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසුව නීතිපතිවරයාගේ ඉල්ලීම අනුව එකී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීම අනුව එකී උදර්පන ඉල්ලීම කිරීමට අවශ්‍ය කොන්දේසි සපුරා ඇතැයි ද රජයේ අධිනීතිඥවරිය එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

එම විත්තිකරු අත්අඩංගුවට ගැනීමට ඊට පෙර කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තු නියෝගය හා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය මගින් ලබාගත් රතු නිවේදනය ද එකී ලේඛන අතර ඇතැයි පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරිය එකී සෑම ලේඛනයක්ම නිසි අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවට යැවීමට භාරදී ඇති බව පැවසුවාය. ඒවා එරටට භාරදීමෙන් පසුව වසර ගණනාවක් නීතියෙන් වසන් වී සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා අධිකරණය හමුවට පැමිණවීමට අපේක්ෂා කරන බව ද ඇය ප‍්‍රකාශ කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook