Advertisement



සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට සෑම සුදුසුකමක්ම තිබෙන බැවින් ඔහුට එම අපේක්‍ෂකත්වය නොලැබුණොත් දේශපාලනයෙන් ඉවත් වී තමා ඉදිරි අවුරුදු පහම ගෙදර සිටින බව විදුලි සංදේශ, විදේශ රැුකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මහනුවර බෝගම්බරදී පැවසීය. 

බෝගම්බර ක‍්‍රීඩාංගණය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළ අතර සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක බවට පත්කිරීමට ගත් පියවර බෙල්ල ගහල ගියත් ඉදිරියට තබන බවද කියා සිටියේය.

සජිත් පේ‍්‍රමදාස මහතාට වසර 27 ක් දේශපාලනයේ අත්දැකීම් තිබෙනවා. දැන් ඔහුගේ වයස අවුරුදු 52 ක් බැවින් සේවය කිරීමට තව කල් තිබෙනවා යැයි පැවසූ ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා දැනට සිටින නායකයන් වයස අවුරුදු 70, 75, 80 බැවින් සජිත් පේ‍්‍රමදාස මහතා තවත් අවුරුදු 20 ක්වත් දේශපාලනයේ නිරතව සිටිය හැකි යැයි පැවසීය. 

සජිත් පේ‍්‍රමදාස මහතා ක‍්‍රියාශීලී දේශපාලනඥයකු බවත් ඔහු අලූයම හතරට පමණ අවදිවී ඔහුට අවශ්‍ය අයට දුරකථන ඇමතුම් පවා දෙන බවත් හෙතෙම පැවසීය.

පවුල්වාදයෙන් තොරව දේශපාලනයේ නිරත සජිත් පේ‍්‍රමදාස මහතා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙන පුද්ගලයකු බවද සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් සංවිධානය කෙරෙන කුරුණෑගල රැුස්වීම සහ ගම්පහ රැුස්වීමද සාර්ථක ලෙස පවත්වන බවද ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිරිල් විමලසුරේන්ද්‍ර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements