Featured News

Video Gossip

Advertisement

හොරෙව්පොතාන ශ‍්‍රි ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන්වාසි වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී මහජන කැඹීමක් ඇති වන ආකාරයට අසංවර ලෙස ක‍්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල කුඩා වෙළෙදසැල් හිමියෙකු මේ මස 25 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා ඊයේ (11) නියෝග කලේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ මෙහෙයවා එම විමර්ශණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාට නියෝග කල මහේස්ත‍්‍රාත්වරයා පහර කෑමට ලක්ව සිටින සාමනේර දෙනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් දකර ඊට අදාල වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද තවුදරටත් නියෝග කරනු ලැබීය.

මෙම සැකකරු කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාෙවි මෙලෙස නියෝග කෙරිණ.

මෙසේ රිමාන්ඩ් කලේ හොරොව්පොතනා මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කලේ සැකකරුට අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි.

එම වෙළෙද සැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් දෙපල ඉකුත් 10 වන දින පැමිණි අවස්ථාවේ සැකකරු මෙම පරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණ වූ බව අධිකරණයට සැලකල ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහෙත් සාමනේරු දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙද සැලෙන් චොක්ලට් ලබා ගෙන නැති බව පොලිස් විමර්ශණවලදි තවදුරටත් හෙලිවිනැයදි අවධාරණය කලේය. 

සැකකරු සාමනේර හිමිවරුන්ගේ කම්බුල් වලට මෙන්ම ශරීරයේ වෙනත් ස්ථාන වලට අමානුෂික ලෙස පහර දෙන අයුරු සිද්ධිය වූ ස්ථානයට අඩි 8 ක් දුරින් පිහිටා තිබූ සීසීටීවී දර්ශණ තුල පැහැදිලිව සටහන්ව ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැලඹීමක් ඇති වීමේ දැඩි අවධානමක් පවතින බවද, සැකකරුගේ පහරකෑමට ලක් වූ වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසු වන සාමනේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත් අධිකරණයට දැන්වීය.

ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන රංග සුජීව/ අජිත් දිසානායක/ තුෂාරි විජේනායක සහ දිලීෂියා දිසානායක යන මහත්ම මහත්මීන් සහ කැබිතිගොල්ලෑව නීතිඥ සංගමයේ සියළුම නීතිඥයින් සාමනේර දෙනමගේ අයතිවාසිකම් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව පෙනී සිටීමත් සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයෙකු හෝ නීතිඥවරියක ඉදිරිපත් නොවීමත් විශේෂත්වයකි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශණ මෙහෙයවා සැකකරු අත් අඩංගුවට ගෙන තිබුනේ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝෂාන් සංජීව මහතාගේ නියෝග මත ක‍්‍රියාත්මක වූ විශේෂ පොලිස් කන්ඩායමක් මගිනි. 

සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කලේ කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසිනි ඒ සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා ලබා දුන් විශේෂ නියෝගයකට අනුවය.

අනුරාධපුර ආනන්ද කරුනාදාස

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements