Featured News

Video Gossip

Advertisement

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2013 වසරේ අගෝස්තු 01 වැනිදා පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට යුධ හමුදාව යොදවා සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනයට ලක්විය. ශමේල රවිශාන් සහ අකිල දිනේෂ් යන දෙදෙනා වෙඩි වැදීමෙන් ද නිලන්ත පුෂ්පකුමාර යන අය හිසට වැදුණු පහරකින්ද මියගොස් තිබූ බවට නිගමනය කර තිබිණි.

එම සිද්ධියට අදාලව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර සිටි බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය කියා සිටියාය.

නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම සිද්ධියට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ද පත්කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements