Advertisement

ඇල්පිටිය ජනතාව වසර ගණනාවක් බලාගෙන හිටිය ප‍්‍රාදේශිය සභා ඡන්දයට ආපසු නඩුවක් දාන්න සියළු කටයුතු සුදානම් කරලා උසාවියට බාරදුන්න කියලා දැනගන්න ලැබුණු බවත් ඡන්දය කියන වචනය මෙයාලට හරියට අර ජලභීතිකාව හැදිච්ච බල්ලන්ට වතුර වගේ යැයි හිටපු පාර්ලීමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (18) දා පෙරවරුවේ ඇල්පිටිය නගරයේ පොදුජන පෙරමුණ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදි සිටියදී මාධ්‍යයට අදහස් දක්වමිනි,

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කිවේය.

මම හිතන්නේ මේ මුළු ලංකාවම දන්නවා ඇල්පිටිය ජනතාවට ඡන්දය නුදුන්න එක අසාධාරණයක්. හිතාගන්න බැහැ ආපසු මේ ඡන්දයට නඩුවක් දාන්න සියළු කටයුතු සුදානම් කරලා කියලා දැනගත්තාම ඇල්පිටිය ජනතාව විශාල කම්පනයට ලක්වෙලා තියෙනවා. ඡන්දය එනකම් වසර ගණනාවක් බලාගෙන හිටියා. මේ ජනතාවට කටයුතු කරපු ප‍්‍රාදේශීය සභාව පටන් ගන්න විදිහක් නැහැ. හිතන්න බලන්න කොයිතරම් අසාධාරණයක් ද මේ කරන්නේ කියලා.

මේ වෙලා තියෙන්නේ දිනන්න බැරි අය නොයෙකුත් උපක‍්‍රම යොදලා මොනව හරි කරලා ඡන්දය නතර කරන්න කුමන්ත‍්‍රණ කරනවා. මම මේ අයගෙන් අහන්නේ ඔයගොල්ලට මේ ඡන්දය කවදාවත් දිනන්න ලැබෙන්නේ නැහැ. මේ ඡන්දය මහා මැතිවරණයේදීත් ඡන්ද 13500 කින් එක්සත් ජාතික පක්‍ෂයට වඩා අපි ඉහලින් ඉන්නේ. ප‍්‍රාදේශීය සභාවේ 2015 ඡන්දෙත් අපි සියයට 58.5 ක් ගත්තා. එහෙමනම් ඉදිරි කාලයේදී කවදා හෝ මේ ඡන්දය තිබ්බොත් , තියන්න වෙනවා නොතිබ්බොත් ජනතාව පාරට බහින දවස වැඩි ඈතක නැහැ. මේක හරියට අර ජලභීතිකාව හැදිච්ච බල්ලන්ට වතුර වගේ ඡන්දය කියන වචනය. හැම වෙලාවෙම බලන්නේ ජන්දයක් නොතියා මොන ක‍්‍රමයෙන් හරි ෂේප් එකක් කරගන්න. මම හිතන්නේ අධිකරණය වුනත් ජනතාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරාවි කියලා අපි විශ්වාස කරනවා යැයි පැවසීය. 

වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements