Featured News

Video Gossip

Advertisement

නාමල් - ලිමිණි මං‍ගලෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පසුගිය 12 වැනිදා අවසන් වූයේ තංගල්ල කාල්ටන නිවසේදීය. විවාහය අත්සන් කිරීම ‍කොළඹදී සිදු කෙරුණු අතර ප්‍රධාන ප්‍රියසම්භාෂණය පැවතියේ තංගල්ල කාල්ටන් නිවසේය.

මං‍ගලෝත්සවයේ සියලු කටයුතු අති සාර්ථකව අවසන් වූ නමුත් දැන් නව යුවළ පැටලී ඇත්තේ මාර ජංජාලයකය. නව යුවළට සියලු කටයුතු පසෙක තබ‍ා දැන් සිදුවී ඇත්තේ හැඳි ගෑරුප්පු ප්‍රශ්නයක් විසඳීමටයි.

කාල්ටන් නිවසේ පැවති උත්සවය සඳහා ආරාධිතයන් 6000 කට ආසන්න ප්‍රමාණයකට ආරධනා කර තිබූ අතර කෙසේ වෙතත් එම ආරාධිතයන්ගේ ප්‍රමාණයට එකවර ආහාර ලබාදීම සඳහා අවශ්‍ය හැඳි-ගෑරුප්පු සොයා ගැනීමට නාමල්ලාට නොහැකි වී තිබේ. ඊට විසඳුමක් ලෙස නාමල්ලා කර ඇත්තේ මදිපාඩු වූ හැඳි ගෑරුප්පු ප්‍රමාණය තම සමීප හිතවතුන්ගෙන් ඉල්ලා ගැනීමයි. කොළඹ ප්‍රදේශයේ පදිංචි හිතවතුන්ගෙන් ද මෙසේ හැඳි ගෑරුප්පු එකතු කරගෙන ඇති බවයි අපට වාර්තා වන්නේ.

මේ කිසිවක් නොදන්නා මංගලෝත්සවයේ ආරාධිතයන්ට ආහාර සර්ව් කිරීමට සිටි සේවකයන් හැඳි ගෑරුප්පු සියල්ල එකට දමා සෝදා මේස මත තබා ඇති අතර, නාමල්ගේ දෙලෝ රත්වී ඇත්තේ මෙම සිද්ධිය කණවැකීමෙන් පසුවයි.

දැන් ඉතිං කුළියට ගත් ඒවා මොනවාද, හිතවතුන්ගෙන් ඉල්ලා ගත් ඒවා මොනවාද යන්න නිරාකරණය කර ගැනීමේ අකරතැබ්බයකට නව යුවළ මුහුණ දී සිටී.

මංගලෝත්සවය අවසන් වී පසුගිය 13 වැනිදා සිට ඊයේ(17) දක්වාම නාමල්-ලිමිණි යුවල සියලු වැඩ පසෙක තබා හැඳි ගෑරුප්පු ඉල්ලා ගත් සිය සමීපතම හිතවතුන් දෙන්නා තුන්දෙනා තංගල්ල කාල්ටන් නිවසට ගෙන්වාගෙන හැඳි ගෑරුප්පු කන්දක් තෝරා බේරා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

‍කොළඹ සිට නාමල්ගේ විවාහ මංගලෝත්සවයට තංගල්ල බලා ගිය ඇතැම් හිතවතුන්ද ‍කොළඹට ආ පයින්ම නැවතත් තමන්ගේ හැඳි ගෑරුප්පු තෝරා බේරා ගැනීමට තංගල්ල බලා පිටත්ව ගිය බව ද වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements