Advertisement

පොහොට්ටු අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඊ‌යේ (24) රාත්‍රියේ ඇතිකරගත් එකගතාවන් ‌මොනවාද යන්න පිළිබදව ‌මේ වනවිට කරුණු ‌හෙළිදරව් ‌වෙමින් තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය ‌පොහොට්ටුව සලකුණ යටතේ තරග වැදුනද මහමැතිවරණය නියත වශයෙන්ම බුලත් ‌කොළය ‌‌හෝ පුටුව යන සලකුණ යටතේ තරග වැදිය යුතු බව පළමු ‌කොන්දේසිය වී තිබේ.

මීට අමතරව ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීමේදී ගනු ලැබූ ජන්ද ප්‍රතිශතයන්ට අනුව ලබාදීමටත්, ගෝඨාභයගේ මැතිවරණ ‌මෙහෙයුම් කාර්යාලයේ සැලකිය යුතු නියෝජනයක් ශ්‍රිලනිපයට ලබාදීමටත් ‌යෝජනා වී ඇත.

මෙම ‌කොන්දේසි ජනාධිපතිවරයාගෙන් ඉදිරිපත් වූ පසු ඒ ‌මොහොතේම ‌ගෝඨාභය මහතා අදාළ ‌කොන්දේසි ‘වට්ස්ඇප්’ පණිවුඩයක් ‌ලෙස බැසිල් රාජපක්ෂ මහතාට ‌යොමු ‌කොට ඇත.

බැසිල් රාජපක්ෂ මහතාද ඊට වහාම ‘ok’ බව කියමින් ‘වට්ස්ඇප්’ ඔස්සේම පිළිතුරු ලබා දී තිබේ.

මෙම සාකච්ජාවෙන් පසු ‌දෙපැත්තේම ‌හොදහිත තහවුරු කරගැනීමේ අටියෙන් ‌යෝෂිත රාජපක්ෂ මහතා නැවත ක්‍රියාකාරී නාවික හමුදා ‌සේවයේ නිරත වීමට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමට ‌ජනාධිපතිවරයා කටයුතු ‌කොට ඇති බව දැනගන්නට ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා යනු ඉකුත් ඔක්තෝබර් 26 වැනි දින සිදුවූ කුමන්ත්‍රණකාරී ආණ්ඩු ‌පෙරළියේ තිරය පිටුපස විශාල භූමිකාවක් ‌ගෙනගිය චරිතයක් ‌ලෙසද ප්‍රකටය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements