Showing posts with label president election 2020. Show all posts
බිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.
මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා මෙසේ පැවැසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දිම සදහා පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ ජනාධිපති මැතිවරණ කාල සීමා සඳහා අදාළව එම පත්කිරීම සිදුකරන ලද බවයි.
ජනාධිපතිවරණයේදී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයාට සහය දෙන්නේද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වල දී උණුසුම් වාද විවාද ඇතිවූ අතර සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, තිලංග සුමතිපාල වැනි මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එක්විය යුතු බවට දැඩි ස්ථාවරයක සිට කටයුතු කළේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධාන ගත වීමට සකස් කරන ලද අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක් විරෝධය පළ කර තිබෙන බව බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා සදහන් කර තිබෙනවා. බදුල්ල දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රීන් හා ආධාරකරුවන් සමග සිදු කල සාකච්චාවකදී ඔහු මේ පිළිබඳව බව පවසා තිබේ.
පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අශෝක වඩිගමංගාව, පොලොන්නරුව දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන තිලක් මහලේකම්ගේ, පුත්තලම දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියොමාල් පෙරේරා, ගාල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර සොයිසා සහ කෑගල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කළ හිටපු රාජ්‍ය ඇමතිනි සමන්තා කරුණාරත්න වැනි එජාපයේ හිටපු ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඔහු වටා එකතුවීමට නියමිත බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟවී ඇති බව වාර්තාවීමත් සමග කලබලයට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු' පක්ෂයේ) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, 'පොහොට්ටුව' හා ඒකාබද්ධ විපක්ෂය අතර සන්ධානයක් පිහිටුවීමට එකඟත්වය පළකර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු අප වෙත පැවසිය.
පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඊයේ (24) රාත්‍රියේ ඇතිකරගත් එකගතාවන් මොනවාද යන්න පිළිබදව මේ වනවිට කරුණු හෙළිදරව් වෙමින් තිබේ.
ඒ අනුව ජනාධිපතිවරණය පොහොට්ටුව සලකුණ යටතේ තරග වැදුනද මහමැතිවරණය නියත වශයෙන්ම බුලත් කොළය හෝ පුටුව යන සලකුණ යටතේ තරග වැදිය යුතු බව පළමු කොන්දේසිය වී තිබේ.
මෙම වසර තුල ජනාධිපතිවරණය නොපැවැත්වෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
19 වන සංශෝධනය බලාත්මක වන්නේ ඊට කතානායකවරයා අත්සන් තැබූ දින සිට නිසා එතැන් සිට වසර 05ක් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ සිටිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.
අපිව බලන්න දඹානට එන ගොඩක් අය මගෙන් ඉල්ලන්නේ මේ පාර පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. වෙලාවක මට හිතෙනවා මමවත් ඉදිරිපත් වෙලා රට ඉදිරියට ගෙනයන දිශානතිය පෙන්නලා දෙන්නද කියලා. ඒත් පස්සේ මටම හිතෙනවා ඒ මඩ ගොහොරුවට වැටිලා මම මොකටද විහින් විනාශ වෙන්නේ කියලා යැයි ආදිවාසී නායක උෟරුවරිගයේ වන්නිල ඇත්තෝ පවසයි.
පසුගිය අප්‍රේල් 21 දින රටේ එකම දවසේ ස්ථාන 8ක බෝම්බ 8ක් පිපිරුණු බවත් මේ වන විට රටම අකර්මණ්‍ය වී නිද්‍රාසන්න වී ඇති බවත් මෙතරම් විනාශයක් වී තිබියදීත් ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ හැසිරීම දකින විට අප්පිරියාවක් ඇති වන බව පැවැසීය. එය ඔහුට පමණක් ඇති වන දෙයක් නොවන බවත් රටේ හැමෝටම එක සේ ඒ අප්පිරියාව දැනෙන බවත් ආදිවාසී නායකතුමා පැවැසීය. එතුමාගේ 72 වැනි ජන්ම දිනයට සමගාමීව දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ සංවිධානය කර තිබූ ආගමික වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මෙසේද පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණය ලබන දෙසැම්බර් මස 7 වැනිදා හෝ ඊට පෙර සෙනසුරාදා දිනකදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් 'දිවයින' පුවත්පත වාර්තාකර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය කලින් ප්‍රකාශයට පත් කරන්නේ නම් හැර නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වන්නේ නම් ජනාධිපතිවරණ නීතියට අනුව ලබන නොවැම්බර් මස 9 වැනිදා සිට දෙසැම්බර් මස 9 වැනිදා අතර දිනයක දී ඡන්ද විමසීම සිදු කළ යුතු වෙයි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________










