Featured News

Video Gossip

Advertisement

තමන්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 වනදායින්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ලේඛන සූදානම් කරගෙන සිටින බව අපි පසුගිය සතියේ වාර්තා කළෙමු. 

ඒ අනුව පෙරේදා (10) දිනයේදී එම ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාරදීමට නියමිතව තිබුණ ද අවසන් මොහොතේදී ජනාධිපතිවරයා එය දමා ඇති බවයි ජනාධිපති කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කළේ. 

ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා මෙය සුදුසුම මොහොත නොවන බවටත් ඊට සුදුසු අවස්ථාව එළඹෙන තුරු කල්බැලිය යුතු බවටත් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් කරුණු දක්වමින් කළ දැඩි ඉල්ලීම සලකා බලා ජනාධිපතිවරයා විසින් මෙසේ සිය තීරණය වෙනස් කර ඇත. 

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ව්‍යවස්ථාමය බලය තමන්ට සැප්තැම්බර් 15 වනදා සිට හිමිවන බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර සන්ධාන සාකච්ඡා ද අතරමඟ හිරවී ඇති බවක් පෙන්නුම් කෙරෙන අතර සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීමට ද මෙතෙක් හැකි වී නොමැත. 


මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය පිළිබඳව විමසීම ද කල් තබමින්, අලුත්ම දේශපාලන ප්‍රවණතා අනුව අමුතුම බල ක්‍රීඩාවකට සැරසෙන බවයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

LNW

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements