Advertisement

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමේ අරමුණින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා අද (10) සවස අරලියගහ මන්දිරයේදී හමුවීමට නියමිතය.


එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සහ අගමැතිවරයා අතර පසුගිය 06 දා පැවති සාකච්ඡුාවේදී තීරණය වූ පරිදි මෙම හමුව සිදුවන අතර මෙය කලින් යොදාගෙන තිබුණේ ඉරිදා (08) පැවැත්වීමටය.

එහෙත් එම දෙදෙනාම කාර්යබහුල වීම සහ කොළඹින් බැහැරව සිටීමත් නිසා එම හමුව අදට කල් දමනු ලැබිණි.

මෙම හමුව පැවැත්වෙන වේලාව සම්බන්ධව තීරණයක් ගෙන නොමැති අතර එය බොහෝ දුරට සවස සිදුවනු ඇතැයි අරලියගහ මන්දිරයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements