Advertisement

එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව වාර්තා වේ.

එහිදී පක්ෂයේ බෙදීමකින් තොරව කිසිදු ඡන්දයක් නොපවත්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වයෙන් අපේක්ෂකයා තෝරා ගැනීමට එකඟතාව ඵලකර ඇත.

එසේම දැනට කටයුතු කරන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා කිසිදු අලුත් සාමාජියකු පත් නොකිරීමට ද තීරණය කර ඇත.

මෙම සාකච්ඡාව අද (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති අතර එහිදී කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීමට ගොස් පක්ෂයේම අය අතර එකිනෙකා කුළල්කා ගෙන බෙදීමකට ලක්වීම වැළැක්වීම පිණිස මෙම සාකච්ඡාව සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් තවත් සකාච්ඡාවක් හෙට (23) දින පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements