Featured News

Video Gossip

Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවලදී සියලු ගැටළු විසඳාගෙන සන්ධානයකට එළඹීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ - ශ්‍රීලනිප සන්ධානයට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු අකුල් හෙළමින් සිටින බව ද රංජිත් සොයිසා මහතා පවසයි.


විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව පවසමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව වසර හතර හමාරකට වැඩි කාලයක් ඒ සඳහා කිසිදු උත්හාසයක් නොගෙන දැන් ජනාධිපතිවරණයට මුහුණ දීගත නොහැකිව හදිසියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා උත්සාහ කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. විධායකය අහෝසි කිරීම සඳහා අවංක වුවමනාවක් තිබුණේ නම් වසර හතරක් තිස්සේ සිදුකළේ කුමක්ද යන්න ඔහු ප්‍රශ්න කර සිටී.

විධායකය අහෝසි කිරීම හදිසියේ කැබිනට් යෝජනාවක් මගින් සිදුකළ නොහැකි බවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ කැබිනට් යෝජනාවක් හරහා එය අහෝසි කිරීමට ආණ්ඩුව උත්සාහ කිරීම තුළින් ඔවුන ජනාධිපතිවරණය පිළිබඳව කෙතරම් බියට පත්ව සිටින්නේද යන්න අනාවරණය වන බවයි.

කුමන අන්දමකින් හෝ මේ‍ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිදු නොකළ යුත්තක් බවයි රංජිත් සොයිසා මහතා අවධාරණය කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements