Advertisement

යුද්දයෙන් පසුව නැවත පදිංචි දිළිඳු පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කොට ඇති අංග සම්පූරණ නව ස්ථීර නිවාස ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රීලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමමේ හිටපු නායකයෙකු වූ සුපිරි ක්‍රීඩක රංගන හේරත්ද දායකත්වය ලබා දී ඇත.

නව නිවාස ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.සරත් වැසියා වෙනුවෙන් නිවසක් ලබා දීමට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතා පියවර ගත් අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ආධාර පිළිබඳව ධානපතියන් දැනුවත් කිරීම වන්නි ආරක්ෂ සේනා මූලස්ථානය විසින් සිදු කරන ලදි.

එහිදී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා විසින් පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කේ.ඒ.සරත් වැසියා හට නිවසක් ලබා දීම වෙනුවෙන් නිවසට මුල්ගල තැබීමේ අවස්ථාවටද සහභාගී වූ අතර ඉතා කෙටි කලකින් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් නිවස ඉදිකොට අද (11) දින විවෘත්ත කිරීම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතා සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නව නිවස විවෘත කිරීමෙන් පසුව නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩද නොමිලේම ලබාදීමට මෙහෙදී පියවර ගෙන තිබුණු අතර නිවාස ඉදිකිරීම වෙනුවෙන් 212 බළසේනාධිපති කර්නල් අනිල් පීරිස් මහතාගේ සමිබන්ධිකරනයෙන් 21, 56 සහ 62 සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 211, 563 සහ 623 යන බළසේනාවන්හී බළසේනාධිපතිවරුන්ගේ මෙහෙයවීමෙන් යුද හමුදා ශ්‍රම දායකත්වය යටතේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් නිවාස ඉදිකෙරේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements