Featured News

Video Gossip

Advertisement

බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින ඛන්ජිපාන ඉම්රාන් නැමැති පාතාල රැදවියාට ලබා දිමට රැගෙන ආ බව කියන ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් ඔහුට ලබා දීමට ආහාර ගෙන ආ අසුරනයේ රහස් කුටියක තිබි බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් (12) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජංගම දුරකථන දෙක හා චාජර් දෙක රැගෙන මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි ඛන්ජිපාන ඉම්රාන් නැමැති අයගේ පියා සහ සොහොයුරා ඇතුලු හය (06) දෙනෙකු මෙසේ අත් අඩංගුවට ගත් බව බුස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සිරකරුවන්ගේ දිනය හෙට (13) දිනට යෙදි තිබිම නිමිත්තෙන් පුරා සතියක් සිරකරුවන් වෙනුවෙන් විශේෂ වැඩ සටහන් බන්ධනාගාර තුළ සිදු කරන අතර (12) බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින සාමාන්‍ය සිරකරුවන් තුන්සිය පනහක් (350) හා විශේෂිත ගනයේ මත් ජාවාරම්කරුවන් හය (06) දෙනෙකු ඇතුලු 40 දෙනෙකු බැලීම සඳහා ඔවුන්ගේ පවුල් වල සියලු දෙනාට (12) දින අවස්ථාව ලබා දී තිබු බව බුස්ස බන්ධාගාර පාලන අධිකාරිය කියයි.

මෙම සිරකරුවන්ගේ පාලන කටයුතු මෙන්ම සිර කරුවන් බැලීම සදහා පැමිණෙන සියලු දෙනා විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් මගින් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබුණි. එම ක්‍රමවේදය තුල මෙම අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද බූස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

එමෙන්ම දැවැන්ත මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන ඛන්ජිපාන ඉම්රාන්, වෙලේ සුදා, තුසෙයි ගෞතම්, පොට්ට නවුෆර් වැනි සිරකරුවන් මෙම බුස්ස බන්ධනාගාරයේ රදවා තැබිමට මෑතකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන ලද අතර එසේ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමේ අරමුණින් බවද බන්ධනාගාර දෙපාර්ත්මේන්තුව කියයි.

විශේෂිත ගනයේ මත් දව්‍ය ජාවාරම්කරුවන් මේ වන විට දිවයින පුරාම රදවා තැබෙන බන්ධනාගාර සිර කුටිවලට තෝරා ගත් බන්ධනාගාර නිලධාරින් දවසේ පැය 24 පුරාම රාජාකාරියේ යොදවා තැබිම නිසා මත් ජාවාරම්කරුවන්ට දුරකථන මගින් බන්ධනාගාර ගතව සිටිය දී සිදු කරන මත් දව්‍ය ජාවාරම් මෑතක සිට අවම කිරීමට හැකි වී තිබෙන බවද දැන ගන්නට තිබේ. එය සම්පුර්ණයෙන් නතර කිරිමට බන්ධනාගාර අමාත්‍යාංශය ගෙන ඇති විශේෂ වැඩ පිලිවෙල සාර්ථකව ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙවැනි විශේෂ වැටලිම් තවදුරටත් සිදු කරන බවද බන්ධනාගාර මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු අප කල විමසිමකදී පැවසිය.

අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හය (06) දෙනා ඉදිරි නීතිමය කටයුතු සදහා රත්ගම පොලිසියට භාර දිමට කටයුතු කල බව බුස්ස බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements