BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි - දකුණේ පුංචි කතරගම ගැටබරු මහා දේවාලයේ රන්දෝලී මහා පෙරහර වීදි සංචාරය කිරීම අද

බෞද්ධ ශාස‍නයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අද(13)ට යෙදී තිබේ.

මෙම පොහොය දිනය ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.

බුදුන් වහන්සේ ලවිශාලා මහනුවර කූටාගාර ශාලාවේල වැඩ වෙසෙන සමයේ ලමහ ප්‍රජාපතී ගෝතමීල දේවිය හා ලරෝහිනීල නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකේ සිඳ ලකිඹුල්වත්ල නුවර සිට ලවිශාලාලමහනුවර දක්වා පැමිණ ලඅෂ්ට ගරු ධර්මල පිළිගත් පසු, මුල්වරට භික්ෂුශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.


එසේම බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර බුද්ධත්වයෙන් පසු එළඹි පළමු වස්සාන ඍතුව ලබරණැස් නුවර ඉසිපතනාරාමයේල වැඩ වාසය ආරම්භ කළේද අද වැනි දිනක සිට බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාලය තුලදී සිදුවී ඇති බව පැර‚ පොත පතෙහි සදහන්ය. එසේම ලතපස්සු - භල්ලූ‍කල වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ ලකේශ ධාතුල තැන්පත් කරනලද ලගිරිහඩු සෑයල ඉදිකිරීමේ කටයුතු ද අද වැනි සිදුව ඇතැයි සඳහන්වේ.

බුද්ධ ශාසනය තුළ භික්‍ෂු” සමාජය ආරම්භ වීම සිදු වූ දිනය වන බැවින් බිනර පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක්‌ හිමි වෙයි. බිනර පොහෝදා සිදු වූයේ මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදි වීමයි. එයම භික්‍ෂු” සමාජයේ ආරම්භය විය. එසමයෙහි බුදුරදුන් වැඩසිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේය. එහිදී මහා ප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ කරා එළැඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවනට බුදු සසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක්‌ම ආයාචනා කළාය. එහිදී බුදුරදුන් දේශනා කළේ ලඅලං ගෝතමී මා තෙ රුච්චි මාතුගාමස්‌ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්‌මා අනගාරියං පබ්බඡ්ජාතිල යනුවෙනි. එහි අර්ථය තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන් වහන්සේට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න යන්නයි. බුදුසසුනේ කාන්තාවන් පැවිදිවීම වැඩුණු හැල් කෙතක වී බොල් වන ලෙඩ බෝවීමක්‌ ලෙස බුදුරදුන් උපමා කළ අයුරු චුල්ලවග්ග පාලියේ භික්‍ෂු”ඛන්ධකයෙහි දැක්‌වෙයි.

මෙම ඉල්ලීම සිදුකළ සැණින්ම බුදුරදුන් ඒ සඳහා අවසරය ලබාදුන්නේ නම් එම කාර්යයෙහි කිසිදු බැරෑරුම් බවක්‌ පැවිදිවන භික්‍ෂු”හු නොදකිති. දුකසේ අපහසුවෙන් එය ලබාගත් කල ශාසනික බ්‍රහ්ම චරියාව හොඳින් වටහාගෙන ඒ අනුව ජීවත්වීමට ඔවුහු වඩාත් උනන්දු වෙති. මේ කරුණු සලකා භික්‍ෂු” සමාජය පිහිටුවන ලෙස පළමු වර කළ ඉල්ලීම පිළිනොගැනීම බුදුරදුන් යෙදූ සම්‍යක්‌ උපායක්‌ බව පෙනේ. ස්‌වකීය ඉල්ලීම ඉටු නොවූ බැවින් මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන්ට වැඳ ප්‍රදක්‌ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්‌ම ගියාය. 

බුදුරදුන් ඊළඟ වස්‌ සමය වැඩසිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාරශාලා විහාරයෙහිය. එහිදී ද මහා ප්‍රජාපතී ගෝතමිය කලින් රෝහි” නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය - කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයකගේ භාර්යාවන් ද කැටුව කෙස්‌ වැටි කපාහැර, කහ වස්‌ත්‍ර පොරවා, මැටි පාත්‍ර ගෙන ඉතාම දුක සේ සැතපුම් ගණනාවක්‌ පයින්ම විශාලා මහනුවර කරා පැමිණියහ. 

මෙසේ දෙවැනි වරට පැවිදි වෙස්‌ගෙන මනා සංවිධානයක්‌ ද ගොඩනඟාගෙන බුදුරදුන් වෙත පැමිණියේ ඔවුන්ගේ අරමුණ තවත් කල් නොගෙන ඉටුකරවා ගැනීමේ පරමාර්ථයෙන් බව පැහැදිලිය.

ඉක්‌බිතිව මහා ප්‍රජාපතී ගෝතමිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස්‌ සියලු තොරතුරු සැළකළහ. එහිදී බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම තෙවරක්‌ම ප්‍රතික්‍ෂේප කළහ. එහෙත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව මත මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදි වීමට භාග්‍යය උදාවිණි. මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ටගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බවද බුදුරදුන් ආනන්ද හිමියන්ට වදාළහ. එම අෂ්ට ගරු ධර්ම පිළිබඳව විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ මෙසේ දැක්‌වේ.

1. උපසම්පදාවෙන් වසර සියයක්‌ ගත වූ මෙහෙණියක විසින් වුවද එදින උපසපන් වූ භික්‍ෂුව දැක වැඳුම්, හුනස්‌නෙන් නැගී සිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භික්‍ෂුණිය තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භික්‍ෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස්‌ නොවිසිය යුතුය.

3. අඩ මසක්‌ පාසා මෙහෙණිය විසින් භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාළ යුතුය. අවවාද දීමට භික්‍ෂුවකගේ පැමි”මද බලාපොරොත්තු විය යුතුය.

4. වස්‌ විසූ භික්‍ෂුණිය වස්‌ අවසානයේ දී භික්‍ෂු භික්‍ෂු” යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.

5. බර ඇවතකට පත් භික්‍ෂුණිය දෙසතියකට නොඅඩු කාලයක්‌ උභය සංඝයා ඉදිරියෙහි වත් මානත් පිරිය යුතුය.

6. උපසම්පදාව ලබනු කැමති මෙහෙණිය දෙ අවුරුද්දක්‌ම ශික්‍ෂමානාවකව (හික්‌මෙන්නියක) මෙහෙණින් ළඟ විසිය යුතුය.

7. කවර කරුණක්‌ නිසා හෝ භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට අක්‍රෝශ පරිභව නොකළ යුතුය.

8. භික්‍ෂුණිය විසින් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්‍ෂූන්ගේ අවවාද පිළිගත යුතුය. 

මේ අනුව බිනර මස පුර පසළොස්‌වක පොහෝ දිනය වූ කලී භික්‍ෂු” සමාජය ආරම්භ කොට කාන්තා පරපුරට මෙලොව පරලොව උභයාර්ථ සංසිද්ධිය සලසා ගැනීමට මග පෑදූ වස්‌ සමයේ ඉතා වැදගත් පොහොය දිනයක්‌ බව වටහාගත යුතුය. 

මෙදින වස් කාලය බැවින් සියලූ‍ම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙන අතර මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් විශාල වශයෙන් සහභාගි වන අයුරු දක්නට ලැබේ.

මේ අතර අදට යෙදී ඇති බිනර පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ විහාරස්ථාන බොහෝමයක ආගමික වතාවත් සංවිධානය කර තිබේ. ඒ අතර දකුණේ පුංචි කතරගම ලෙස හදුන්වන දෙනියාය කොටපල ගැටබරු මහා දේවාලයේ රන්දොලි මහා පෙරහර  අද වීදි සංචාරය කරනු ලබයි.
« PREV
NEXT »

Facebook Comments APPID