Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඇති වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.

ජනිත ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන්නේදැයි යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසූවිට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

“මම තවම එවැනි තීරණයක් අරගෙන නෑ. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි. නමුත් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට මෙතෙක් තීරණයක් ගෙන නෑ.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements