Featured News

Video Gossip

Advertisement

සාමනේර දෙනමකට ලිංගික අතවර කළ පොහොට්ටුවේ ප්‍රබල භික්ෂුව මාදුරුඔයේ ධම්මිස්සර හිමි  රිමාන්ඩ්

13 හැවිරිදි කුඩා සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු සහ ඊට අනුබද්ධ භික්ෂු සංවිධාන නායකයකු වන මාදුරුඔයේ ධම්මිස්සර හිමි අත් අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

හෝකන්දර දක්ෂිණාරාම පිරිවෙනේ පරිවේනාධිපති තනතුර දරණ ධම්මිස්සර හිමි සමඟ එම පිරිවෙනේම වාසය කළ හීනපහුවේ සුමන හිමි ද පසුගිය 11 වනදා සහ 12 වනදා මෙසේ තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම අපරාධය සම්බන්ධයෙන් අදාළ කුඩා සාමනේර හිමිවරුන්ගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවය. ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

නඩුව යළි ලබන 24 වනදා බී 28233/19 අංක දරණ බී වාර්තාව යටතේ කැඳවීමට නියමිතය.

මාදුරුඔයේ ධම්මිස්සර හිමි යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතිකවාදී මන්ත්‍රීවරුන් සහ ගෝඨාගේ වියත් මඟේ භික්ෂූන් සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන යන, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇප කැප වී සිටින ප්‍රබල ක්‍රියාකාරික භික්ෂුවකි. පොහොට්ටුවට අනුබද්ධ ජාතික එකමුතුව, ජාතික විද්වද් භික්ෂු සංසදය, වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය, ජාතික සමතා බලවේගය වැනි සංවිධාන ගණනාවක නායකත්ව මට්ටමේ තනතුරු ද එහිමි විසින් දරනු ලැබේ. 

ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වී සිටින්නේ තමන්ට බලය ලැබුණහොත් විනය ගරුක රටක් ගොඩනැංවීමටය. ඒ විනය ගරුක රට හදන්නට යන්නේ බාල අපචාර කරනා භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා යටතේ විය යුතුය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements