Advertisement

ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර ගියත් ගෝඨාභය රාජපක්‍ෂ වැනි දක්‍ෂයකුට එය එතරම් ගැටලූවක් නොවන බව හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස රටට කළ වැඩ කොටස අනුව ජනාධිපති ධුරයට පත්වූ පසු කරන වැඩ කොටස රටේ ජනතාවට බලාගත හැකි යැයි විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය. 

බලය යනු ඒ පුද්ගලයා සතු හැකියාව යැයි පැවැසූ විපක්‍ෂ නායකවරයා රටට අවශ්‍ය වැඩ කරන රට ඉදිරියට ගෙනයා හැකි, හරි මාවතට ගෙන යා හැකි නායකයකු බවත් එවැනි නායකයකු අප ඉදිරිපත් කර තිබෙන බවත් කීවේය.

ආරක්‍ෂක ලේකම්වරයකු ලෙස රටට වැඩ කර පෙන්වූ අයකු අප ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපති අපේක්‍ෂකයා කෙරෙහි විශ්වාසයක් තබාගෙන වැඩ කළ හැකි බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (4 දා) පැවති කුඩා තේ වතු හිමියන්ගේ, රබර්, සුළු අපනයන භෝග, මල් වගාකරුවන්ගේ, කප්රුක් සමිති හා කිරි ගොවි සංවිධාන හමුව අමතමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

මෙහිදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන මහින්ද යාපා අබේවර්ධන හා එස්. එම්. චන්ද්‍රසේන මහත්වරු ද කතා කළහ.

අනුර බාලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements