Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා ගහන ගේම කොයි පැත්තෙන් හෝ ගහන බව මාතලේ නගරාධිපති (එ.ජා.ප.) ඩල්ජිත් අලුවිහාරේ මහතා පවසයි. නගරාධිපති නිල කාර්යාලයේදී පසඅගියදා (03) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඩල්ජිත් අලුවිහාරේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂකත්වය ලබානොදීම එක්සත් ජාතික පක්‍ෂය දියවී යෑමට හේතුවන බවද නගරාධිපතිවරයා පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රෝයල් කොලීජියෙන් ඉගෙනුම ලැබූ අයෙකි. කරු ජයසූරිය මහතා 80 විය ඉක්මවූ පරිණත දේශපාලනඥයෙක්. කථානායක කරුට ටූ ලේට්. රනිල් වික්‍රමසිංහ මහතා කලබල වෙන කෙනෙක් නොවෙයි. වෙලාවට සජිත් ප්‍රේමදාස මහතාට තැන ලබාදෙයි.

සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක් වුවහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සජිත් ප්‍රේමදාස ආණ්ඩුවක් යටතේ තැනක් ලබාදෙනවා. සජිත්ට එක්සත් ජාතික පක්‍ෂයේ තැනක් නොලැබුණහොත් ඉතිහාසයේ නොවූ අන්දමට පක්‍ෂය දියවෙලා යයි යනුවෙන් නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ජන විඥානය හඳුනන නායකයකු නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්නා බවට සැකයක් නැති බවද නගරාධිපතිවරයා පැවැසීය. “වටේ ඉන්න හැමෝම කියන දේ අහන්න තරම් අගමැතිවරයා සූදානම් නැහැ. සජිත් යන තැනට අපි යනවා. ගේම කොහොම හරි ගහනවා”යි නගරාධිපතිවරයා පැවැසීය.

හේවා පී. කරුණාරත්න

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook