ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා තීරණය කර තිබෙනවා.
කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට ඔහු එකඟ වී ඇති බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සදහන් කළේ.
ඒ අනුව දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගැනීමට නියමිත බව යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව කියා සිටියා.

