ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන සිය මව්බිමට පැමිණීම පසුගියදා (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී සිදුවුණා.
ඒ අනුව උදිත දන්වත්ත නමැති පියා ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත්, ඔහුගේ පුත් කවීෂ දන්වත්ත සහායක නියමුවා ලෙසත් කටයුතු කරමින් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට ඒ.කේ. 047 දරන එම ගුවන්යානය කටුනායකට පැමිණියා.
ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිත දන්වත්ත මහතාගේ බිරිඳ මෙන්ම, කවීෂගේ මව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළා.
එහිදී උදිත දන්වත්ත මහතා කියා සිටියේ, මෙම සිදුවීම අප කිසිදාක බලාපොරොත්තු නොවූ දෙයක් බවයි.
එමෙන්ම, ශ්‍රී ලාංකිකයන් වශයෙන් සියලුදෙනාට සතුටුවිය හැකි සහ ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙසද මෙය හැඳීන්විය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත සඳහන් කළේ,මෙය තමන්ගේ කුඩා කාලයේ සිටම සිහිනයක් බවයි.


