Featured News

Video Gossip

Advertisement

ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් හා තවත් පොදු සංවිධාන කිහිපයක එකතුවෙන් හිටපු ජනාධිපතිනියගේද අනුග්‍රහයෙන් ගොඩනගන්නට යන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානය සඳහා ජනාධිපතිවරයා ඍජුව සහය පළකරන බවක් වාර්තා වී නැත.

එහෙත් මේ ගැන පැවති සාකච්ඡා ගණනාවකට දහම් සිරිසේන මහතා සහ විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ යන මහත්වරු සහභාගී වී ඇතැයි ශ්‍රීලනිපයේ නම් සඳහන් කිරීමට අකමැති වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

කලින් මෙබඳු සන්ධානයකින් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා ඉදිරිපත් කළ යුතු යැයි මතයක් පළවුවත් ඒ සඳහා බහුතර සාමාජිකයන් එකඟනොවීම නිසා විජේදාස රාජපක්ෂ මහතාගේ නම ඊට යෝජනා වී ඇතැයි පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements