Advertisement

තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන මෙම පියවර ගැනීමට ෆේස්බුක් ආයතනය අදහස් කරගෙන සිටින්නේ, බහුලව ප්‍රතිචාර ලැබෙන අයගේ පෝස්ටු සමඟ තමන්ගේ පෝස්ට් සසඳා බලමින් බොහෝ දෙනා මානසික ආතතියට ලක්වීමත්, එමඟින් සමාජ ජාල හරහා ප්‍රතිචාර උදෙසා තරඟයක් ඇතිවීමත් වැලැක්වීමටය.

මේ ක්‍රමය ක්‍රියාත්මක කළ විට, ඔබගේ පෝස්ට් වලට වැටෙන රිඇක්ෂන් සංඛ්‍යාව පෙනෙන්නේ ඔබට පමණි. ඒවා අන් අයට පෙනෙන්නේ නැත. එම නිසා ඔබේ පෝස්ටුවට රිඇක්ෂන් කීයක් වැටුණාදැයි දන්නේ ඔබ පමණි.

ඉන්ස්ටග්‍රෑම් අඩවිය මේ වනවිට කැනඩාව සහ බ්‍රසීලය සඳහා මෙම ක්‍රමවේදය අත්හදා බලමින් සිටිති.

යම් හෙයකින් ඔබට වැටෙන ලයික් සහ රිඇක්ෂන් ප්‍රමාණය ඔබ විසින් වෙනත් පෝස්ටු මඟින් දැනුම් දුනහොත්, එසේ දැනුම් දීම ඔබේ ගිණුම් කෙරෙහි අහිතකරව බලපෑ හැකි ලෙස මෙම ක්‍රමවේදය සකස් කිරීමට එම ආයතනය අවධානය යොමු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements