Advertisement

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් මාසික කුලී පදනම මත ලබාගත් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ල සඳහා අධික වැය බරක් දැරීමට රජයට සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී පිළිගෙන තිබේ.

තක්සේරු වටිනාකම ඉක්මවා යන මිලකට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබී ඇත්දැයි විමසීමට අග්‍රාමාත්‍යවරයා අද කොමිසම වෙත කැඳවා තිබූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා ලබාගැනීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ගොඩනැඟිල්ලකට රැගෙනයාමට සිදුවූ බවත් ඒ වෙනුවෙන් දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල ලබාගත යුතු බවට තමා කිසිඳු අවස්ථාවක ප්‍රකාශක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවත් ය.

නමුත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කර ඇත්තේ කැබිනට් පත්‍රිකාවක් හරහා සුහුරුපායේ පිහිටි ගොඩනැඟිලි කිහිපයක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාගැනීමට අග්‍රාමාත්‍යවරයා පළමුව යෝජනා කළ ද එය අග්‍රාමාත්‍යවරයා විසින්ම වෙනස් කර අදාල පෞද්ගලික ගොඩනැඟිල්ල මිලදී ගන්නා ලෙස එවක කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට උපදෙස් දී ඇති බවය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම වංචාව සිදුව ඇති කාල සීමාව තුළ හවුල් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් තමා නායකත්වය දුන් බවත්ය. එවක කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට නායකත්වය ලබාදී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements