Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයට වැදගත්වූ උත්සවයක බොරු තාක්ෂණික මවාපෑම් සිදුකිරීමට යාමෙන් එම තාක්ෂණයන් පිළිබද ජනතාව වැරදි අවබෝධයක් ලබාගැනීමට පෙලබීමට හැකිය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ සන්නිවේදන ක්ෂේත්‍රයට නව සන්ධිස්ථානයක් එක් කරමින් ඊයේ (16) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ විවෘත කෙරුණු අතර එහි සමරු ඵලකය නිරාවරණය ඇපල් අයිපෑඩක් හරහා එතුමන්ගේ අත්ලෙහි පවතින ජෛවමිතික දත්ත (biometric data) භාවිතා කරමින් සිදුකිරීමක් වුනු අතර එහෙත් එය බොරු මවාපෑමක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ අත්ල තබන්නේ අයිපෑඩයේ අගුලු තිරයෙහි පවතින බිතුපත (lock screen wallpaper) මත බව එම අවස්තාව සුපරික්ශාකරිව දර්ශනය කිරීමේදී දැනගැනීමට ලැබේ.

මෙම අවස්තාව සමාජ ජාල මාධ්‍ය අඩවි වල මේ වනවිට විශාල වශයෙන් දැඩි කතාබහට මෙන්ම උපහාසයටද ලක්වෙමින් පවතින අතර ජෛවමිතික තාක්ෂණය වැනි තාක්ෂණයන් මෙසේ යම් මවාපෑම් උදෙසා යොදාගැනීම නිසා එවැනි ඉතා වැදගත් තාක්ෂණයන් කෙරෙහි ජනතාව වැරදි අවබෝධයක් ලබාගැනීමට පෙලබීමට හැකිය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙවැනි තාක්ෂණික දෑ සම්බන්ධයෙන් අවබෝධයක් නොතිබීමට හැකි අතර එහෙත් මෙවැනි උත්සව වැඩසටහන් සංවිධාන සිදුකරන පුද්ගලයන් හට ඒ තාක්ෂණික දැනුම නොමැති බව මෙවැනි වැදගත්වූ උත්සවයකදී බාහිර ප්‍රජාවට දර්ශනය වන්නට සැලැස්වීම ඉතාමත් අභාග්‍යසම්පන්න කරුණක් යැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස දකින්නෙමු.

විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ සන්නිවේදන ක්ෂේත්‍රයට ඉතා වැදගත්වූ උත්සවයකදී මෙවැනි බොරු මවාපෑම් සිදුකිරීම කිසිසේත්ම අනුමත කිරීමක් සිදුකල නොහැක.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements