Featured News

Video Gossip

Advertisement

ගෝඨාබය රාජපක්ෂට හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නීතියට පිටින් ගොස් නඩු පවරන්නැයි දේශපාලනඥයින් ගෙන් බලපෑම් එල්ලවූ බව පවසන අල්ලස් හෝ දූෂණචෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහගේ හඬපටය සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රය කැළඹීමකට ලක්ව ඇති අතර එය පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට වාසිදායක ලෙස ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ද යොදාගෙන තිබේ.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් දේශපාලන බලපෑම් මත ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරූ බවට කියවෙන දුරකථන සංවාදය හරහා ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ගෙන ගිය දේශපාලන නඩු පැවරීමේ වැඩපිළිවෙළ අනාවරණය වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පසුගියදා  (21) සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය සමාජ මාධ්‍ය තුල ද දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.


එම තත්වය තුල පසුගියදා (21) සමාජ මාධ්‍ය හරහා නිශ්ශංක සේනාධිපති ගෙන් ඉල්ලීමක් කර ඇති දිල්රුක්ෂික වික්‍රමසිංහ, '' ඔබතුමා හා සිදුකරන මෙම දුරකථන සංවාදය මට දුන්නේ මොන ඇමතිතුමා ද කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්නයි'' දැනුම් දී ඇත.


ඇයගේ FB සටහනේ ඇති එම කාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ප්‍රබල සංවාදයක් මතුව ඇති අතර අගමැතිවරයාට හිතවත් ඇමතිවරුන් හොර රහසේ රාජපක්ෂවරුන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ට ආධාර උපකාර කර ඇති බව එයින් සනාථ වී ඇතැයි ඇතැමුන් පවසයි. 


දිල්රුක්‍ෂි අමතා බලපෑම් කල ප‍්‍රබල ඇමති මෙන්න

මේ අතර දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ව කටයුතු කරන ලද කාලයේදී බොරු නඩු පටලවන ලෙස උපදෙස් දුන්නේ කවුදැයි හෙලි කල යුතු බවට පාර්ශව කිහිපයකින්ම අදහස් පල කලහ.
ඇයට අදාල දුරකතන ඇමතුම දෙන ලද්දේ ඇමති වජිර අබේවර්ධන විසින් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේය.
හොරු රකිමින් බොරු නඩු පටලවන්නට උපදෙස් දුන් දුෂිත නිලධාරීන් මෙන්ම දේශපාලඥයන්ද හෙලි කිරීමට ඇය කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements