Featured News

Video Gossip

Advertisement

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සුදානමක් පැවැතියේ යැයි පලෙයි රෝහලේ දී අත්අඩංුවට ගත් වෛද්‍යවරයා පාපොච්ඡාරණය කළ බවට මේ දිනවල පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එසේම අත්අඩංගුවට පත් වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් නමැති සැකකරු මේ දක්වා කිසිම ප්‍රකාශයක් හෝ පාපොච්ඡාරණයක් කර නොමැති බවත් පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයාගේ නිවේදනයේ දැක්වෙයි.

මේ අතර රට පුරා එකවර තැනින් තැන සැක කටයුතු පුද්ගලයන් නොමැතිව ගිනි අවි, බෝම්බ. පුපුරන ද්‍රව්‍ය හා පතොරම් අත්අඩංගුවට පත්වීම පිළිබඳව ද බරපතළ සැක මතු වන බව දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. පසුගිය 28දා කල්මුණේ මරඳමුණ ප්‍රදේශයේ එල්ටීටීඊ මතවාදය ප්‍රචාරය කළා යැයි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය සොයා ගත් ස්ථාන ලෙස පුද්ගල නිවෙස් හෝ ආයතන නොවූ අතර සැකකරුවන්ද නොවීය. ඒවා බොහෝමයක් හමු වූයේ පාළු ඉම් වැනි ස්ථාන වීම මෙම සැකය වර්ධනය කිරීමට හේතු වී තිබේ.

තමාව ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් පවතින බවට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබිණි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ඝාතනය කරන්නට සැලැස්මක් ඇති බවට පවසමින් පසුගිය සමයේ නාමල් කුමාර නැමති අයකු රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. නමුත්, ඒ පිළිබඳ පැවැති පරීක්ෂණවල දී එවැන්නක් පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු නොවූ අතර සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පමණක් තොරතුරු වාර්තා වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ ය.

චතුර දිසානායක – ලංකි ඉරිදා සංග්‍රහය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements