Featured News

Video Gossip

Advertisement

ලබන බදාදා (25) පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කිරීමට නියමිත බවත් එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හෝ වෙනත් අයකුගේ නම් යෝජනා වුවහොත් රහස් ඡන්දයක් පැවැත්වීමටත් සියලු කටයුතු සුදානම් කර ඇති බව අගමැතිවරයාට සමීපතම ඇමතිවරයකු පැවසිය. 


කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු සඳහා සුදුසු පුද්ගලයින් පත්කිරීමට එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයට පුර්ණ බලය හිමිව ඇතැයි ද කියා සිටි එම ඇමතිවරයා, කුමන තත්වයක් යටතේ වුවද එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබානොදීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දැඩි ස්ථාවරයකට එළඹ ඇතැයි ද කියා සිටියේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිගේ හිතවතුන් 30ක්! 

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය 90කට වැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු වුවද මේවනවිට ඊට පත්ව ඇත්තේ 63දෙනෙකු පමණි. ඉන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මෙවවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමට ප්‍රසිද්ධියේම සහය පළකර තිබේ.


වීඩියෝ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements