Featured News

Video Gossip

Advertisement

ඕපනායක ප්‍රදේශයේ ප්‍රබල එජාප පාක්ෂිකයන්ගේ නිවාස දෙකකට ඊයේ (04) රාත්‍රියේ පැමිණි මැරයන් පිරිසක් විසින් අලාභ හානි සිදු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අදාල ප්‍රදේශයේ ප්‍රබල පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරී පුද්ගලයෙකු බව පැවසෙනා නිහාල් හපුආරච්චි නැමැත්තා සමග පැමිණි බීමත් මැරයන් පිරිසක් විසින් අදාල අපරාධය සිදු කර තිබෙනා බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.


එමෙන්ම එජාපට හිතවත් සමාජ මාධ්‍ය පිටු මගින් සදහන් කර ඇති ආකාරයට ඊයේ දින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරහිව උසාවියේ විභාග වූ නඩුව නිශ්ප්‍රභ වීමෙන් පසුව එහි ජය සමරා අදාළ පොහොට්ටු මැරයන් විසින් මෙම ගිණිබත් කිරීම් සහ පහරදීම් සිදු කර ඇති බවටත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ අනුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අරඹයා සිදු වූ ප්‍රථම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස මෙය හැදින්විය හැකි අතර මෙය ඉතාමත් අවාසනාවන්ත තත්වයක් ලෙසද හැදින්විය යුතුමය.

එමෙන්ම මේ සිදුවීමට සම්බන්ධ අදාල පොහොට්ටු පක්ෂ ක්‍රියාකාරී මැරයන් පිරිස මේ වන විට ප්‍රදේශය අතහැර ගොස් සිටිනා බවට වාර්තා වන අතර අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා අමතා මීට අදාළව සාධාරණ පරීක්ෂණක් සිදු කරනා ලෙසට ඉල්ලීමක් කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ කතාව පට්ට බොරුවක්

මෙබඳු ප්‍රකාශ විශාල ප්‍රමාණයක් හුවමාරු වෙමින් පැවති අතර බොහෝ දෙනෙක් විසින් මේවා සාවද්‍ය පුවත් ලෙස සඳහන් කර තිබූ හෙයින් ද මේ පිළිබඳ වැඩි විස්තර විමර්ශනයක් සිදු කළෙමු.

ඉහත පළමු ප්‍රකාශය පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා මෙම ඡායාරූපය Google Reverse Image සෙවුමක් හරහා සොයා බැලීමේදී අපට පෙනී ගියේ මීට පෙර බොහෝ අවස්ථාවන්හි යොදාගෙන ඇති ඡායාරූපයක් බවයි.


කෙසේ වෙතත් මෙබඳු කිසියම් හෝ ප්‍රහාරයක් ඕපනායක ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේදී වාර්තා වී තිබුණේ දැයි සැක හැර දැන ගැනීම සඳහා ඕපනායක පොලිස් ස්ථානාධිපතිතුමා සමඟ සම්බන්ධ වූ අතර එහිදී අපට දැනගන්නට ලැබුණේ ඉහත ප්‍රකාශයේ සඳහන් වූ පරිදි කිසිඳු ප්‍රහාරයක් ඊයේ දිනයේ (04) දී වාර්තා වී තිබුණේ නැති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements