Advertisement

නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින අභියෝගයක් සිදු කළා.

ඒ සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙසය. සිය නිල ටිවිටර් ගිණුම තරහා නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියි.
එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා දර්ශනයන් සම්බන්ධයෙන් එකිනෙකාට මෙහිදි ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරිමට හැකි බවයි.

ශක්තිමත් අපේක්ෂකයෙකු තම ප්‍රතිවාදියා සමඟ ලේඛණගත නොකරන ලද අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බව මෙහිදි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements