Featured News

Video Gossip

Advertisement

ඇති වී තිබෙන සමාජය පීඩනයේ, සමාජ ඛේදවාචකයේ වැඩිපුරම වින්දිතයන් වී ඇත්තේ කාන්තාවන් බවත් වසරකට ශ්‍රී ලංකාවේ ගබ්සාවන් 240000ක් සිදුවන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

කාන්තා ප‍්‍රඥප්තිය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“දෙදහස් දහඅට වසරේ මාතෘ සිය දිවි නසා ගැනීම් තිස් අටක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නෙ දරුවා බිහි කොට දින හතළිස් දෙකක් ඇතුළත මව්වරුන් තිස් අට දෙනෙක් සියදිවි නසාගෙන.

දරුවා බිහි කළාට පස්සෙ ඇති වෙන විශාදය සහ ගෘහස්ථ හිංසනය තමයි ඒවට හේතු විදිහට හොයාගෙන තියෙන්නෙ. ඊටත් වඩා භයානකම දේ තමයි ලංකාවේ අස්වාභාවිකව මරණයට පත් වන කාන්තාවන්ගෙන් සියයට තිස් හයක්ම මරණයට පත් වෙන්නෙ තමන්ගේ ස්වාමිපුරුෂයා නැත්නම් තමන්ගේ සමීපතම සහකරු අතින්. ඒකෙන් පැහැදිළි වෙන්නෙ ලංකාවේ කාන්තා මරණ වලින් සැලකිය යුතු පංගුවකට පුරුෂයා විසින් ඇති කරන පීඩනය හේතුවක් වෙලා තියෙනව කියන එක.

ඒ වගේම ලංකාවේ වසරකට ගබ්සාවන් දෙලක්ෂ හතළිස් දාහක් සිදු වෙනවා. ඒ වාර්තාගත සංඛ්‍යාලේඛණ පමණයි. ඒ අනුව දවසකට හයසිය තිස් අටකට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙනවා. ඒ අතරින් සියයට අනූවක්ම විවාහක කාන්තාවන් තුළ තමයි සිදු වෙන්නෙ. මේ ගබ්සාවන්ට හේතු කිහිපයක් තියෙනවා. පළමු දරුවා බිහි වී ප‍්‍රමාණවත් කාලයක් ගත නොවීම, දරුවන් අපේක්ෂා නොකරන වෙලාවක සිදු වන ගැබ් ගැනීම් මේ අතර තියෙනවා. ඒ අතරින් බරපතළම ඛේදවාචකය තමයි විදෙස් රැුකියාවකට යාම සඳහා කර ගන්නා ගබ්සා කර ගැනීම්. මේ ගබ්සාවන් නිසා ඇති වෙන සෞඛ ගැටලූ රැුසක් තියෙනවා.

කොහොම වුණත් මෙතැන ඉන්න කවුරුවත්, කුමන හෝ කලලයක් විනාශ කරන්න එකඟ වෙයි කියල මම හිතන්නෙ නැහැ. මනුස්සයෙක් හැටියට, මානවවාදයෙක් හැටියට අපිට ඒකට එකඟ වෙන්න බැහැ. ඒත් මේ ගබ්සාවන් ගැන තීරණ ගන්නෙ කවුද? තමන්ගේ ආර්ථික හැකියාව මත පිරිමියාද? ආර්ථික දුෂ්කරතා නිසා විදෙස්ගත වීමට සිදු වීමද? තමන්ගෙ දරුගැබ විනාශ කරන්න පිටස්තර කෙනෙක් හරි පිටස්තර හේතුවක් හරි හේතු වෙනවනම් ඒක යුක්තිසහගතද? අපි විශ්වාස කරන්නෙ ඒ දරුගැබ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ ඒ ගැබ දරා සිටින කාන්තාවට කියලයි. ඒක ඇයගේ අයිතියක්.

ඒ වගේම කාන්තාවන් පොදු ප‍්‍රවාහනයේදී සියයට අනූවක් කවර හෝ ආකාරයක ලිංගික අඩම්තේට්ටම් වලට ලක් වෙනවා. එයිනුත් සියයට හැත්තෑවක් ශාරීරික ලිංගි හිංසනයට මුහුණ දෙනවා. කාන්තාවන්ට එවැනී පීඩාවක් එල්ල කරන එක සාධාරණ ද?

ඒ නිසා විශාල අරගලයක්, විශාල මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ මැදිහත්වීම කරන්න අපි සූදානම්."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements