Featured News

Video Gossip

Advertisement

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ සමඟ තනිව සාකච්ජා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයෙන් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුව වෙනුවෙන් විසදුම් ඉල්ලීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂකයින් වෙත ලබාදීමට සුදානම් කොට ඇති බැවින් අදාළ සියළු පක්ෂ එක්ව සිදුකරන සාකච්ජාවක් වෙනුවෙන් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම්දුන් බවද හෙතෙම ප්‍රකාශ කළා.
කණ්ඩායමක් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ පහක් එකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් සකස් කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් කණ්ඩායම වශයෙන් පමණක් සාකච්ඡා කිරීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද විග්නේශ්වරන් පවසනවා.

විග්නේශ්වරන් වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා වෙනුවෙන් පමණක් දෙමළ ජනතාව ජන්දය ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ජාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී.විග්නේශ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් විසින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමුහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කිරීම සිදුකෙරුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements