Advertisement

ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, මාලිමාව ලකුණ යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද මැතිවරණ කොමිෂන් සභාව අද (07) පිළිගත්තා. 

මේ අතර ස්වාධීන අපේක්ෂකයින් ලෙස නාමයෝජනා භාරදුන් එම් කේ ශිවාජිලිංගම් හා එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව අද විරෝධතා ගොනු කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ශිවාජිලිංගම්ට එරෙහිව විරෝධතා ගොනුකර තිබුණේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්.

එම් එල් ඒ එම් හිස්බුල්ලාට එරෙහිව සරත් මනමේන්ද්‍ර විරෝධතා ගොනු කළා. එහෙත්, එම විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සහ සරත් මනමේන්ද්‍ර ද මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements