Advertisement

මෙවර ජනපතිවරණ සටනේ වෙනසක් සටහන් කරමින් අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න ඇසීමට මහජනතාවට අවස්ථාවක් ලබාදිමට ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ජනතා සභාව නමින් මාතර පැවැති වැඩසහටනකදී මෙම අවස්ථාව පළමු වරට ඊයේ ජනතාව වෙත ලබාදුන්නේය. එසේම අද යාපනයේදීද ජනතා සභාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

“අපේ රටට නව පාලනයක් ඕන. බොහෝ අය අපෙන් ප්‍රශ්න අහනවා. ඡන්දෙට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන. ජනතාව නායකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් නැතිනම් නායකයන් කියන ඕන දෙයක් ඔහේ අහගෙන ඔහේ තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවානම් මේ රට වෙනස් කරන්න බෑ.

ඒ නිසා අපි මේ මැතිවරණය නව ආරකට පරිවර්තනය කරන්න ඕන. හැමදෙනාම ප්‍රශ්න කරන තත්ත්වයට මේ මැතිවරණය අපි ගේන්න ඕන. ඒක පටන් ගන්න ඕන අපෙන්. ඒ නිසා තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපෙන් අහන්න ”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements