Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 16ක නියෝජිතයන් අද (02) දින සහය පලකර සිටියි.

පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නමින් අද මංගල සමරවීර මුදල් අමාත්‍යවරයාගේ නිල නිවසේ දී මේ වනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසේ සහාය පළකර සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සඳහා, 

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක, 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර අනුරාධපුර ආසන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.බී. ඒකනායක,

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ නායක අජන්ත හේවගේ,

ජාතික පෙරමුණේ නායක රංජිත් පීරිස්,

ජාතික සංවර්ධන පෙරමුණේ නායක මහාචාර්ය එම්.පී. අත්තනායක,

කඳුරට විමුක්ති පෙරමුණේ නායක අන්ටන් අයියාතුරෛ,

යහපාලනය සඳහා වූ ජනතා පෙරමුණේ නායක සුසිල් කිදෙල්පිටිය,

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේශ්,

එක්සත් ලංකා ජනතා පෙරමුණේ නායක එස්. විජේවික්‍රම,

ජාතික මහජන පක්ෂයේ නායක පත්මසිරි කොඩිකාර,

කොළඹ නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ එස්. එල්ලාවල,

ජාතික අරුණලු පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන්ත,

ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය කමිටුවේ සභාපති වෛද්‍ය කුමාරි ගුණරත්න

මව්බිම ජාතික පෙරමුණේ මහ ලේකම් විල්සන් වලිමුණි

කොමියුනිට්ස් තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස්.ආර්. එඩ්වඩ්

සිවිල් සංවිධාන කමිටුවේ සභාපති චතුර වැලිවිට
යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements