Advertisement

වැඩිහිටියන් හත්දෙනකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන සිංගප්පූරුව ලොව අධික සීනි සහිත සෞඛ්‍යාරක්ෂිත නොවන පැණි බීම ප‍්‍රචාරණය තහනම් කරන ලද ප‍්‍රථම රට බවට පත් වීමේ ලකුණු පහළ වී තිබේ. ඒ දියවැඩියාවට එරෙහිව කටයුතු කිරීම සඳහා එරට මුද්‍රිත ,විද්‍යුත් හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ එම පැණි බීම ප‍්‍රචාරණ දැන්වීම් තහනම් කිරීමෙනි.

මේ අනුව සිංගප්පූරුවේ අලෙවි කෙරෙන පැණි බීම වර්ග, යුෂ වර්ග, යෝගට් පානයන් හා ක්ෂණික කෝපි මෙම ප‍්‍රචාරණ තහනමට ලක් වූ පාන වර්ග වන අතර මෙම ප‍්‍රචාරණ තහනම ලබන වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමට සිංගප්පූරුවේ සෞඛ්‍ය අමත්‍යාංශය සැලසුම් සකස් කර තිබේ. මෙය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි මාසවලදී
පාරිභෝගිකයන්ගේ හා කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අදහස් විමසීමට නියමිතව ඇත.

අධික සීනි සහිත පැණි බීම වර්ග පිළිබඳ දැන්වීම් ප‍්‍රචාරණය තහනම් කිරීමට අමතරව එම පාන වර්ගවල ලේබලයෙහි ඇති පෝෂණ තොරතුරු කොටසෙහි එම බීම වර්ගවල අඩංගු සීනි ප‍්‍රමාණය, පෝෂණ සංඝටක වැනි දෑ සඳහන් කිරීමට නිෂ්පාදකයා වගබලා ගත යුතු බවට

සිංගප්පුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

සිංගප්පූරුවේ වියපත් ජනගහනය වැඩි වෙමින් පැවැතීම නිසා දියවැඩියාවට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව අනාවරණය වී ඇත .මේ අනුව පැණි බීම නිෂ්පාදකයන් සීනි හැර තම පැණි බීම නිෂ්පාදනයන් හි රසය එලෙසම පවත්වා ගැනීම සඳහා වෙනත් විකල්ප ද්‍රව්‍යයක් යොදා ගත යුතු බව අමාත්‍යංශය විසින් පැණි බීම නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements