මේ වනවිට කැඳවා ඇති ජනාධිපතිවරණයේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇප තැන්පත් කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පෙරමුණ නමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන්නේනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පෙරමුණ විසින් කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන බව එම පෙරමුණ විසින් ඊයේ (03) නිවේදනය කර සිටියේය.
මේ වනවිට මේවර ජනාධිපතිනරණය සඳහා දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීනව අපේක්ෂකයෙන් 33දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.
ලබන ඉරිදා (06) මධ්‍යාන 12.00 දක්වා තව දුරටත් ඇප මුදල් තැන්පත්කිරීමට අවස්ථාව තිබේ.

