Featured News

Video Gossip

Advertisement

ජනාධිපති මැතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ දින කිහිපයකි. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම සිය මැතිවරණ ව්‍යාපාරයන්ගේ වැඩි බරක් සමාජජාලා මාධ්‍යයන් තුලද යොදවා තිබෙන බව වාර්තා වේ.

එවන් පසුබිමක ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් පළකිරීම් "රිපෝර්ට්" කිරීමේ පහසුකම අත්හිටුවා තිබෙන බව පෙනේ. මේ අනුව ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් ප‍රිශීලකයන්ට වෛරී සහගත, අසත්‍ය ප්‍රචාර හා පළකිරීම් 'රිපෝර්ට්' කිරීමට නොහැක.
වෙනත් රටවලට එලෙසට ෆේස්බුක් 'රිපෝර්ට්' පහසුකම නවතා නොමැති බව වාර්තා වේ. මේ අනුව මෙය ෆේස්බුක් සමාගම විසින් ශ්‍රී ලංකාව ඉලක්ක කළ වෙනසක් බව පැහැදිලිය.

මෙය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ දෙයක්ද, එසේත් නොමැති නම් වෙනත් හේතුවක් නිසා ෆේස්බුක් 'රිපෝර්ට්' විකල්පය ඉවත් කර තිබේදැයි ෆේස්බුක් ආයතනය විසින් තවමත් කරුණු පැහැදිලි කර නොමැත.

කෙසේ වෙතත් මේ සමගම තීරණාත්මක මැතිවරණ සමයේ ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය අසත්‍ය, වෛරීසහගත පළකිරීම්හි ගොඳුරක් වීමේ අවදානයක් මතුව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements