Advertisement

ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් 35 දෙනෙකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. එසේම අපේක්ෂකයින් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ 41 දෙනාගෙන් 35 දෙනෙකු පමණක් ජනාධිපතිවරණයට තරඟ කරනු ලබනවා.

එසේම ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදීමේ අවස්ථාවට සහභාගී වූ අතර ඔහු නාම යෝජනා භාර දුන්නේ නැහැ. මේ අතර කුමාර වෙල්ගම මහතාද ඇප මුදල් තැන්පත් කළ අතර ඔහුද නාම යෝජනා භාර දීම සඳහා පැමිණ සිටියේ නැහැ.

මේ අතර නාම යෝජනා බාර දීමේ කාලය මේ වන විට අවසන්ව ඇති අතර භාරදුන් නාමයෝජනා වෙනුවෙන් මේ දක්වා විරෝධතා දෙකක් ගොනු කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements