Advertisement

මෙම වසරේ ගත වූ මාස නමය තුළ පොලොන්නරුව වනජීවී කලාපයේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් වන අලි 77ක් මිය ගොස් මිනිස් ජීවිත 21ක් අහිමි වී ඇතැයි පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්,ඩි.එම්.ජේ වික්‍රමසිංහ මහතා පවසයි.

ඉකුත් සතියේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ මියගිය ඇතිනියන් මීට ඇතුළත් නොවන බවත් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ අලි මරණත් මිනිස් මරණත් වැඩි වී ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසිය.

2018 වසරේ දී අලි මරණ 76ක් ද මිනිස් මරණ 21 ද වසර වාර්තා වූ අතර එය එම වසරේ මාස 12 පුරාම සිදු වූ ඒවා බවත් 2017 වසරේ දි අලි මරණ 44ක් හා මිනිස් මරණ 16ක්සිදු වී ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements